උතුරු-දකුණු කොරියා මිනිත්තු කීපයකට මිතුරු වෙලා
රියෝ දි ජැනැයිරෝහිදීය (රොයිටර්)
බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර ඔලිම්පික් උලෙළ අතරතුරේ ජිම්නාස්ටික් තරගාවලියට පෙර, පුහුණුවීම්වල නියැළුණු උතුරු කොරියානු ක්‍රීඩිකාව සහ දකුණු කොරියානු ක්‍රීඩිකාව මිනිත්තු කිහිපයකට මිතුදම් පවත්වා, සෙල්ෆි ඡායාරූපවලට පවා පෙනී සිටියහ.
මෙසේ මිතුදම් පැවැත්වූයේ දකුණු කොරියානු ක්‍රීඩිකා ලී උන් ජූ සහ උතුරු කොරියානු ක්‍රීඩිකා හොං අන්ග් ජොන්ය. මෙය විදෙස් පුවත් සේවාවල අවධානය දිනා ගත් සිදුවීමක් විය. ‘ඔලිම්පික් උලෙළේ සැබෑ අර්ථය මෙයයි.’ විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණි.
උතුරු සහ දකුණු වශයෙන් බෙදී වෙන් වී සිටියත් දෙරටේම සිටින්නේ එකම ජාතියකි.